• hello@gtech7.com
  • +94-757-222-703

ඔබේ ව්‍යපාරයට Website එකක් අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව තුල අද වන විට අන්තර්ජාල භාවිතය මිලියන 11 ඉක්මවා ඇත. එනම් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50% වඩා ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කරයි. එම නිසා මේ වන විට බොහෝ පුද්ගලයන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා අන්තර්ජාලයේ සෙවීමට පුරුදු වී සිටි. මේ නිසා සෑම ව්‍යාපාරයකටම, අන්තර්ජාලයේ තම අනන්‍යතාවය පෙන්වීමට Website එකක් අවශ්‍ය වී ඇත. අද ලංකාවේ බොහෝ ව්‍යාපාර, ඔවුන්ගේ website එක තුලින් භාණ්ඩ හා සේවා සැපයීම, online විකිණීම සහ delivery කිරීම, නව ගණුදෙනුකරුවන් සොයා ගැනීම, ගණුදෙනුකරුවන් සමග සන්නිවේදනය කිරීම වැනි බොහෝ කාර්යන් සිදු කරනු ලැබේ. මේ නිසා ලොකු කුඩා සෑම ව්‍යාපාරයකටම Website තිබීම ඉතා වැදගත් වේ.

ඔබේ ව්‍යාපාරයට ගැලපෙන website එකක් සදා ගන්නේ කෙසේද?

ඔබට website එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැති නම් ඒ සඳහා අදාල තාක්ෂණික දැනුම ඇති පුද්ගලයෙකු සොයා ගැනීමට සිදු වේ. මෙහදී විශ්වාසදායි සහ එම කේෂ්ත්‍රයේ ප්‍රවිණියෙක්ගේ සහය පැතීම ඉතා වැදගත් වේ. මන්ද ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට නොහැකි වුවහොත් ඔබගේ මුදලුත් කාලයත් අපතේ යනු ඇත.

ඔබේ ව්‍යාපාරයට ගැලපෙන website නිර්මාණය කිරීමට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු කරුණු!

පළමුව ඔබ විසින් සිතිය යුත්තේ, ඔබේ ව්‍යාපාරයේ ස්වබාවය අනුව ඔබට website එකක් අවශ්‍ය විය යුත්තේ කුමන අරමුණක් සඳහාද යන්නයි. උදාහරණයක් ලෙස, ඔබට website අවශ්‍ය වන්නේ ඔබගේ භාණ්ඩ සහ සේවා විකිනීමට නම්, ඔබට අවශ්‍ය වන්නේ e-commerce වර්ගයේ website එකක් වේ. එසේම ඔබට website අවශ්‍ය වන්නේ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටුතු සඳහා නම්, ඔබට අවශ්‍ය වන්නේ business website එකකි. මේ නිසා ඔබේ අරමුණ අනුව නිර්මාණය කරන website එකේ පෙනුම, ආරක්ෂාව, පහසුකම් වෙනස් වනු ඇත.

ඉන් පසු ඔබ සලකා බැලිය යුත්තේ ඔබගේ බජට් එකයි. ඔබේ ව්‍යාපාරයේ දැනට උපයන ලාබයට දැරිය හැකි වන ආකාරයේ website එකක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. website එකක් යනු ආයෝජනයකි. ඒ නිසා සැම විටම ඔබගේ ආයෝජනයේ ප්‍රතිලාබ සහ පිරිවැය, දැනට ඔබ උපයන ලාබයට සාපේක්ෂව සලකා බැලීම අනිවාර්යෙන් සිදු කල යුත්තකි.

පැකේජ පිලිබඳ විස්තර

පහත සඳහන් පැකේජ නිර්මාණය කර ඇත්තේ ඔබට අපගේ මිල ගණන් පිලිබඳ දල අදහසක් ලබා ගැනීමට වේ. පළමුව ඔබේ අවශ්‍යතාවය අප සමග සාකච්චා කොට ඉන් පසු මිල ගණන් තීරණය කර ගැනීම වඩා සුදුසු යැයි අපි යෝජනා කරන්නෙමු!

Do you want to get our quality service for your business?